පුවත් සහ සිදුවීම්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ස්වාධීන රූපවාහිනිය එක්ව දීපව්‍යාප්තව සංවිධාන කරන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් දමිළ මාධ්‍ය වැඩමුළුව නුවරඑළිය හොලිට්‍රින්ටි විද්‍යාලයේදී අද (27) දින පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 10 ක දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩමුළුවේදී වෘත්තීය සන්නිවේදකයෙකු සතු විය යුතු කුසලතා, තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික අවබෝධය පිළිබඳව දැනුවත් කිරීම එහිදී සිදුවිය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ස්වාධීන රූපවාහිනියට අයත් MMC ITN CAMPUS ආයතනයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ මගින් සංවිධානය කල මෙම වැඩමුළුව සඳහා MMC ITN CAMPUS හි සම්බන්ධිකාරක ස්වාධීන රූපවාහිනි සේවයේ නිෂ්පාදක නජිත් මාතරගේ මහතා, ස්වාධීන රූපවාහිනි මාධ්ය ජාලයේ වසන්තන් TV නියෝජ්ය නාලිකා ප්‍රධානි සහ නිවේදක, MMC ITN CAMPUS දේශක කේ. පුණ්ය මූර්ති මහතා, ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ පරිඝණක ඉංජිනේරු සහ සමාජ මාධ්‍ය පරිපාලක, MMC ITN CAMPUS දේශක අරුල් පැට්මෝස් මහතා මෙහිදී දේශන පැවැත්වීම සිදු කරන ලදි.
මෙම අවස්තාවට හොලිට්‍රින්ටි විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ටි. සම්මුග රාජා මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩල, දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරි ප්‍රභාත් රත්නායක මහතා සහ දරු දැරියන් රැසක් සහභාගීවිය.
1
2
3
4
5
6
8