පුවත් සහ සිදුවීම්

'ගම්මානයට අරුණැල්ලක් - 2022' ජංගම සේවා වැඩසටහන රාගල ටී.බී.එම් හේරත් විද්‍යාලයේදී පසුගිය (12) දා සාර්ථක ලෙස පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ ජනතාවට රාජ්‍ය සේවයෙන් ලැබිය යුතු සේවාවන් නොපිරිහෙලා ඉටු කිරීම වෙනුවෙන් මෙම ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
වලපනේ ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශයේ රාගල, එකගපුර, රාගලවත්ත, පන්ඩිතයාකුඹුර, මන්ත්‍රීතැන්න යන වසම් වල පදිංචි ජනතාව වෙනුවෙන් පැවැති මෙම වැඩසටහන වලපනේ ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ්. විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය කාර්ය මණ්ඩලය මගින් සංවිධානය කර තිබේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැති මෙම වැඩසටහනේදි උප්පැන්න, විවහා සහ මරණ සහතික නිකුත් කිරීම, කල්ගතවු විවහා ලියාපදිංචි කිරීම, ජාතික හැදුනුම්පත් ලබාදීමට අවශ්‍ය පුර්ව සේවා සිදු කිරීම, ඉඩම් සම්බන්ධ රාජකාරි, ඉඩම් කච්චේරි, සමාජ සේවා කටයුතු, සමෘද්ධි සහනාධාර සම්බන්ධ කටයුතු, ව්‍යාපාර ලියාපදිංචිය, රැකියා සඳහා ලියාපදිංචිය ඇතුළු කටයුතු රැසක් මෙහිදි සිදුවිය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ්. විජේසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

275604095 275733101390020 6861974590205013888 n

275604933 275733721389958 9158891513864906390 n

275611218 275733384723325 3401499893554120632 n

275744735 275733268056670 7271059657921264885 n

275787487 275733968056600 9210041439466779547 n

275949944 275733564723307 2104961993374106223 n