පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ක්‍රියාවලිය ඇගයීම හා MIS දත්ත පද්ධතිය එළිදැක්වීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි සිදු විය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ​2025 වර්ෂයේ සාමාජිකයන් බඳවා ගැනීම වෙනුවෙන් ඉහළ දායකත්වයක් දැක්වූ මාණ්ඩලික නිලධාරීන් ප්‍රශංසාවට ලක්කිරීම සදහා ප්‍රශංසා සහාතික පිරිනැමිමද මෙහිදී සිදු විය.

තවද සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නව සමාජ ආරක්ෂණ දත්ත පද්ධතිය (MIS) පිළිබඳ දැනුවත් කිරීම හා එලි දැක්විමද සිදුවිය.

එහිදි ​නව පරිගණක දත්ත පද්ධතියේ (MIS) කාර්යක්ෂමතාව තහවුරු කරමින්, වැඩසටහන අතරතුරදීම විශ්‍රාමික විදුහල්පතිවරයෙකුගේ දරුවෙකු සාමාජිකයෙකු ලෙස එකවර රු. 290,300/- ක මුදලක් ගෙවා රු. 100,000/- ක මාසික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට ඇතුළත් කරගන්නා ලදී.

එම අයදුම්පත පද්ධතියට ඇතුළත් කර, ගත වූ විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තුළ අදාළ සමාජ ආරක්ෂණ ඔප්පුව දිස්ත්‍රික් ලේකම්තුමියගේ සුරතින්ම භාරකරු වෙත ප්‍රදානය කිරීම ද මෙහි විශේෂ සිදුවීමක් විය.

​නුවරඑළිය සමාජ ආරක්ෂණ දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම විශේෂ වැඩසටහන සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීකා කවිසේකර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එස්.පී. ළිඳකුඹුර මහත්මිය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.

1

2

3

4

5

6

7

8

9