District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Sinhala
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විවෘත කරයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරිම අද (29) අමාත්‍ය ජිවන් තොන්ඩමන් මහතගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
නව සිමා නිර්ණය ට අනුව අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසට අයත්ව තිබු ග්‍රාම සේවා වසම් 67 න් වසම් 30 ක් වෙන්කර නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සකසා තිබේ.
මෙම අවස්තාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාඩි රාමේෂ්වරන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.






ඩෙංගු අවධානමට සූදානම් වෙමු, නුවරඑළිය දිස්ත්‍රික් ඩෙංගු මර්දන වැඩසටහන
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාව එක්ව සංවිධානය කල ඩෙංගු මර්ධන වැඩසටහනක් 2023.05.26 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.
සංචාරකයින් බහුලව ගැවසෙන නුවරඑළිය නගරය අවට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතිවුවහොත් එය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බැවින් කසල විධිමත්ව බැහැර කිරීම සහ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමන් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහ ආවරණය වන පරිදි විධිමත් ආකාරයේ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර පළාත් පාලන ආයතන, වතු සමාගම් සහ ග්‍රාමීය ඩෙංගු කමිටු හරහා එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනට අතිරේක දිස්ත්‍රික් ලේකම්,නාගරික කොමසාරිස් එස්.පි.කේ බෝධිමාන්න මහත්මිය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සුරිය මහතා රාජ්‍ය ආයතන නිලධාරීන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.












නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ඉතිහාසය නිරූපිත මුද්දරයක් එළිදැක්වීම අගමැති ප්‍රධානත්වයෙන්....
නුවරඑළිය සීතාඑළිය සීතා අම්මාන් කෝවිලේ ඉතිහාසය නිරූපිත මුද්දරයක් එළිදැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සීතා අම්මාන් කෝවිලේදී 2023.04.23 සිදු කෙරිණ. මෙයට සමගාමිව සිතා අම්මාන් කෝවිලේ භාවනා මධ්‍යස්ථානය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමද අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට සීතාඑළිය විහාරාධිපති නුවරඑළියේ චන්දිම හිමිපාණන් ඇතුළු මහා සංඝ රත්නය , හින්දු පුජකතුමන්ලා, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා , කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, වී. රාධක්‍රිෂ්ණන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී. බී. රත්නායක මහතා , යදාමිණි ගුණවර්ධන මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, ඉන්දීය දූත පිරිසේ ප්‍රධානි ප්‍රදීප් ජෙයින් මහතා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්රසිගාමණී මහතා ඇතුළු දෙස්විදෙස් නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.









සිංහල දමිළ අලුත් අවුරුද්දට පසු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි වැඩ අරඹයි.
2023 වසරේ සිංහල දමිළ අලුත් අවුරුද්දට පසු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි වැඩ ඇරඹීම, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 17)පෙරවරුවේ සිදුකෙරිණ.


















