District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Sinhala
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
මතුරට නව උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ මතුරට නව උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන කටයුතු සදහා විවෘත කිරීමේ උත්සවය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාගේ සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.12.15 වන දින මතුරට නගරයේ දී සිදුකෙරිණ .
මතුරට හා මන්දාරම් නුවර ජනතාවට තම අවශ්‍යතා සඳහා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීමේදී විවිධ දුෂ්කරතාවයන් රාශියකට මුහුණ පෑමට සිදුවිය. එම ගැටළුවට විසඳුමක් වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා සීමා නිර්ණය කමිටුවේ නිර්දේශයන්ට අනුව මතුරට ප්‍රදේශයේ නව උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ස්ථාපනය කිරීමට යෝජනා විය.
හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු යටතේ මෙම කාර්යාලයේ කටයුතු සිදුකිරීමට නියමිතය.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.බී රත්නායක මහතා හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි.එම් සේනානයක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.






විදේශ රැකියා අවස්ථා ග්‍රාමීය මට්ටමෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කය
ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනයෙහි ලා විදේශ රැකියා ක්ෂේත්රයේ දායකත්වය අතිමහත්ය. පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති මෙම ක්ෂේත්රය ග්‍රාමීය මට්ටමෙන් ප්‍රචලිත කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ආරම්හ කර ඇත. එහි එක් වැඩසටහනක් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතගේ ප්‍රධානත්වයෙන් 2021.12.09 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
තරුණ තරුණියන් නිසි පුහුණුවක් මගින් විදේශ රැකියා සදහා යොමු කිරීමේ ක්‍රමවේදයක් ග්‍රාමීය මට්ටමෙන් සැකසීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එම ක්‍රියාවලිය ඇරඹීම පිලිබදවද මෙහිදී පුළුල්ව සාකච්ඡා කරන ලදී. රැකියා සොයන තරුණ තරුණියන්ට විදෙස් රැකියා සපයන ආයතන සම්බන්ධ කර ගනිමින් රැකියා පොලක් පැවැත්වීමටද මෙහිදී යෝජනා විය.
මෙම අවස්ථවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමන්න මහත්මිය,විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශයේ ජෙයෂ්ඨ කළමනාකාර රසික ජයසිංහ මහතා.සහකාර දිස්ත්‍රික් ලේකම් තුමිය,ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.







නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්‍රාදේශීය ලේකම් සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතාගේ උපදේශකත්වයෙන් සිව්වන සමුළුව ලෙස මෙම සමුළුව සංවිධානය විය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ ප්‍රාදේශීය ලේකම්වරු මෙම සමුළුවට සහභාගි වු අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන පරික්ෂාවට ලක් කිරීම ද මෙහිදි සිදු විය.
මෙයට සමගාමිව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ හමුවක් ද දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.













