District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Sinhala
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංවර්ධන කටයුතු, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේදී මතුවන ගැටළු සහ ඒවාට ලබාදිය යුතු විසදුම් සහ යෝජනා සම්බන්ධයෙන් වන සාකච්ඡාවක්, 2025.09.19 වන දින ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ සහ නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම කලාප ආවරණය වන පරිදි ක්‍රීඩාංගන සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසීය.ඒ යටතේ දැනට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් සතුව පවතින නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනය සහ සිනෙසිටා ගෘහස්ත ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගෙන , ක්‍රීඩාවට උචිත පරිදි එහි සංවර්ධන කටයුතු කිරීමේ හැකියාව තම අමාත්‍යාංශය සතුව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.ඒ අනුව එම ක්‍රීඩාංගනය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ද අවසරය ඇතිව තම අමාත්‍යාංශයට පවරා ගැනීමට අදාළ කටයුතු ඉදිරියේදී සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.
පාසල් තුල දැනට පවතින ක්‍රීඩා පුහුණුකරුවන්ගේ හිගයට කඩිනම් පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව කටයුතු යොදමින් ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින දේශගුණික තත්වයන් මත සිනෙසිටා ගෘහස්ත ක්‍රීඩාංගනය නවිකරණයටත් අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඉලක්ක කර ගනිමින් ගෘහස්ත ක්‍රීඩාංගන ඉදිකිරීමට අවධානය යොමුව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
වතුකරයේ ජනතාව අතර ජනප්‍රියව පවතින වොලිබෝල්, පාපන්දු වැනි ක්‍රීඩා වලට අවශ්‍ය පහසුකම් සැලසීම පිලිබදව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කල අතර අතහැර දමා ඇති ක්‍රීඩාපිටි සංවර්ධනයට අවශ්‍ය යෝජනා ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
යෝජිත නුවරඑළිය ක්‍රීඩා පුහුණු සංකීර්ණය (high Altitude training center ) කඩිනමින් ඉදි කිරීම සදහා මේ වන විටත් ආයතනික වශයෙන් කටයුතු සම්පාදනය වෙමින් පවතින බවත්, ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසු එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ද ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය.
මෙහිදී නුවරඑළිය දිස්ත්රික්කයේ ක්‍රීඩාව හා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය වූ අතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩාව හා සම්බන්ධ සියලු ආයතන එකිනෙක සම්බන්ධීකරණය වෙමින් ඉදිරි කටයුතු සිදු කරන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි එස්. කලේයිචෙල්වි මහත්මිය. ඇතුළු මහජන නියෝජිතයින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මිය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සිසිර කුමාර වැල්ලෙගෙදර මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමිය, ප්‍රාදේශීය ලේකම්වරුන්,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ක්‍රීඩා නිලධාරීන්, ක්‍රීඩා පුහුණුකරුවන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
நுவரெலியா சினிசிட்டா விளையாட்டரங்கு விளையாட்டுத்துறை அமைச்சின் கீழ், விளையாட்டுத்துறை பிரதி அமைச்சரின் முன்மொழிவு ……………….
---------------
நுவரெலியா மாவட்டத்தின் விளையாட்டுத்துறை அபிவிருத்தி அலுவல்கள், விளையாட்டு உட்கட்டமைப்பு வசதிகள் அபிவிருத்தி மற்றும் விளையாட்டு திறன்கள் மேம்படுத்தல ஆகியவற்றின்;போது உருவாகும் பிரச்சினைகள் மற்றும் அவற்றுக்கு வழங்க வேண்டிய தீர்வுகள் மற்றும் யோசனைகள் தொடர்பிலான கலந்துரையாடல், 2025.09.19 ஆம் திகதி விளையாட்டுத்துறை பிரதி அமைச்சர் சுகத் திலகரத்ன அவர்களினதும், நுவரெலியா மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் கௌரவ இணைத் தலைவர் மஞ்சுள சுரவீர ஆராச்சி அவர்களினதும் தலைமையில் நுவரெலியா மாவட்ட செயலகக் கேட்போர் கூடத்தில் இடம்பெற்றது.
நுவரெலியா மாவட்டத்தின் அனைத்து வலயங்களையும் உள்ளடக்கும் வகையில் விளையாட்டரங்குகளை அபிவிருத்தி செய்வதற்கான நடவடிக்கைகளை மேற்கொள்வதாக விளையாட்டுத்துறை அலுவல்கள் பிரதி அமைச்சர் சுகத் திலகரத்ன அவர்கள் தெரிவித்தார். இதன் கீழ் தற்போது நுவரெலியா பிரதேச செயலகத்திற்கு சொந்தமாக உள்ள நுவரெலியா சினிசிட்டா விளையாட்டரங்கையும், சினிசிட்டா உள்ளக விளையாட்டரங்கையும் விளையாட்டுத்துறை அமைச்சின் கீழ் கையகப்படுத்திக்கொண்டு, விளையாட்டுகளுக்கு ஏற்றவாறு அதனை அபிவிருத்தி செய்வதற்கான இயலுமை தமது அமைச்சுக்கு உள்ளதெனவும் பிரதி அமைச்சர் அவர்கள் தெரிவித்தார். அதற்கமைய, அவ்விளையாட்டரங்கினை மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் அனுமதியுடன் தமது அமைச்சுக்கு கையகப்படுத்திக்கொள்வதற்கான நடவடிக்கைகள் எதிர்காலத்தில் மேற்கொள்ளப்படுமென அமைச்சர் அவர்கள் தெரிவித்தார்.
பாடசாலைகளில் தற்போது நிலவுகின்ற விளையாட்டு பயிற்றுவிப்பாளர்களின் வெற்றிடங்கள் தொடர்பில் துரிதமாக அலுவல்களை மேற்கொள்ளும் பொருட்டு கல்வி அமைச்சுடன் இணைந்து நடவடிக்கைகள் எடுக்கப்படுகின்றதெனவும், நுவரெலியா மாவட்டத்தில் நிலவுகின்ற காலநிலை நிலைமைகளின் அடிப்படையில் சினிசிட்டா உள்ளக விளையாட்டரங்கினை நவீனமயப்படுத்தவதற்கும், ஏனைய பிரதேச செயலாளர் பிரிவுகளை இலக்காகக் கொண்டு உள்ளக விளையாட்டரங்குகளை நிர்மாணிப்பது தொடர்பிலும் அவதானம் செலுத்தப்பட்டுள்ளதெனவும் அமைச்சர் அவர்கள் மேலும் குறிப்பிட்டார்.
பெருந்தோட்டப்புற மக்களுக்கிடையே பிரபல்யமாகவுள்ள வொலிபோல், உதைப்பந்தாட்டம் போன்ற விளையாட்டுகளுக்கு தேவையான வசதிகளை வழங்குவது தொடர்பில் இதன்போது முக்கியமாக கலந்துரையாடப்பட்டதுடன், கைவிடப்பட்டுள்ள விளையாட்டு மைதானங்களை அபிவிருத்தி செய்வதற்கான முன்மொழிவுகளை சமர்ப்பிக்குமாறும் அமைச்சர் அவர்கள் இதன்போது உத்தியோகத்தர்களுக்கு ஆலோசனை வழங்கினார்.
உத்தேச நுவரெலியா விளையாட்டு பயிற்சி கட்டிடத்தொகுதியை (High Altitude Training Center) துரிதமாக நிர்மாணிப்பதற்காக ஏற்கனவே நிறுவன ரீதியான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருகின்றதெனவும், காணி சுவீகரித்துக்கொள்ளப்பட்டதன் பின்னர் அதன் நிர்மாணிப்புப் பணிகள் ஆரம்பிக்கப்படும் எனவும் விளையாட்டுத்துறை பிரதி அமைச்சர் அவர்கள் இதன்போது தெரிவித்தார்.
இதன்போது நுவரெலியா மாவட்டத்தின் விளையாட்டுத்துறை தொடர்பில் உருவாகியுள்ள பிரச்சினைகள் தொடர்பில் நீண்டதாக கலந்துரையாடப்பட்டதுடன், மாவட்டத்தின் விளையாட்டுத்துறையுடன் தொடர்பான அனைத்து நிறுவனங்களையும் தொடர்புபடுத்திக்கொண்டு, மேற்கொண்டு நடவடிக்கைகளை எடுக்குமாறும் பிரதி அமைச்சர் அவர்கள் இதன்போது உத்தியோகத்தர்களுக்கு ஆலோசனை வழங்கினார்;.
இக்கலந்துரையாடலில் பாராளுமன்ற உறுப்பினர் எஸ்.கலைச்செல்வி அம்மணி அவர்கள் உள்ளிட்ட பொதுமக்கள் பிரதிநிதிகள், நுவரெலியா மாவட்ட செயலாளர் திருமதி.துஷாரி தென்னகோன், விளையாட்டுத்துறை அபிவிருத்தித் திணைக்களத்தின் உதவிப் பணிப்பாளர் திரு. சிசிர குமார வெல்லெகெதர, நுவரெலியா மாவட்ட உதவி திட்டமிடல் பணிப்பாளர் அம்மணி, பிரதேச செயலாளர்கள், வலய கல்விப் பணிப்பாளர்கள், விளையாட்டுத்துறை உத்தியோகத்தர்கள், விளையாட்டு பயிற்றுவிப்பாளர்கள். அரச உத்தியோகத்தர்கள் உள்ளிட்ட பலர் கலந்துகொண்டனர்.














කාන්තා සහ ළමා කටයුතු සංවර්ධනය සදහා නව රජය පත්වි කෙටි කාලයක් තුල සාධනීය වැඩ කොටසක් සිදුකරමින් පවතින බව කාන්තා, ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පැවසිය.
නුවරඑළිය තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථානය අද (29) දින විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පැවසීය.
ගෘහස්ථ හිංසනය පිටු දැකීම, ළමා හා කාන්තා ආරක්ෂාව ඇතුළු කටයුතු සදහා අවශ්‍ය පනත් ගෙන ඒම, අනාථ සහ පරිවාස භාරයේ සිටින දරුවන් සදහා රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම වැනි කටයුතු සිදුකර ඇති බවත් පැවසු අමාත්‍යවරිය තව දුරටත් සදහන් කලේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පිඩාවට පත්ව නිවසින් එළියට වැටෙන කාන්තාවන්, දරුවන් රාජ්‍ය රැකවරණය සහිතව කෙටි කාලයක් රදවාගෙන සමාජ ගත කිරීම වැඩපිළිවෙළ තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන වලින් සිදු වන බවත් පැවසීය.
දැනට මධ්‍යස්ථාන 10ක් තිබෙන බවත්, අද නුවරඑළියේ දි ආරම්භකල කාන්තා රැකවරණ මධ්‍යස්ථානය සමග එය 11 දක්වා වැඩිවු බවත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම වැඩසටහන සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුශ්කා සජීවනී, කලෙයි චෙල්වි යන මහත්මින් ඇතුළු මහජන නියෝජිතයන් ,කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා , නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්,ශ්‍රී ලංකා කාන්තා කාර්ය්ංශයේ අධ්‍යක්ෂ සජීවනී පෙරේරා, යන මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන්,UNFPA ආයතනයේ ලංකාවේ නියෝජිතයා ඇතුළු පිරිසක් එක්ව සිටිහ .





මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිලිබඳ ජාතික සතියට සමගාමීව "පුංචි අපට ලොව දිනන්න සෙල්ලමටත් ඉඩදෙන්න" තේමාව යටතේ මුල් ළමාවිය ජාතික ලේකම් කාර්යාලය මගින් දීප ව්යාප්තව ක්රියාත්මක කරන වැඩසටහන් මාලාවේ නුවරඑළිය දිස්ත්රීක්කයේ තවත් වැඩසටහනක් 2025/07/25 වන දින නුවරඑළිය බෞද්ධ මන්දිරය කේන්ද්ර කර ගනිමින් පැවැත්විණ.
ශාරීරික මනෝසමාජීය හා ප්රජානන සංවර්ධනයෙන් යුත් ශ්රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය යටතේ ක්රියාත්මක මුල් ළමාවිය ජාතික ලේකම් කාර්යාලය මෙම වැඩසටහන් මාලාව ක්රියාත්මක කරන අතර නුවරඑළිය සහ තලවාකැලේ ප්රාදේශීය ලේකම් බලප්රදේශ වල තෝරාගත් මුල් ළමාවිය ගුරුවරියන් සහ දරු දැරියන් මෙම පුහුණු වැඩමුළුව සදහා සම්බන්ධ වූහ. මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය සපයනු ලැබුවේ මුල් ළමාවිය උපදේශක සරත් වීරසූරිය මහතා විසිනි.
නුවරඑළිය දිස්ත්රීක් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මියගේ පූර්ණ මගපෙන්වීම මත නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය මුල් ළමාවිය සංවර්ධන අංශය සහ නුවරඑළිය සහ තලවාකැලේ ප්රාදේශීය ලේකම් කාර්යාලීය මුල් ළමාවිය සංවර්ධන අංශ මගින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය සිදු කරනු ලැබීය.
මෙම වැඩසටහනට නුවරඑළිය බෞද්ධ මන්දිරයේ අධිපති නුවරඑළිය ප්රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්ය කිරිඔරුවේ ධිරානන්ද ස්වාමින්වහන්සේ , නුවරඑළිය සහකාර ප්රාදේශීය ලේකම් සුජානී වීරසූරිය මහත්මිය .මුල් ළමාවිය ගුරුවරියන්, දරුදැරියන්,දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.









මැයි මාසයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (03) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල තීන්දු තීරණ රැසක් මෙම කමිටුවේදී ගනු ලැබිය.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල තීරණය කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා යෝජනා වු කමිටුව පත්කිරීම, බීජ අර්තාපල් නිෂ්පාදනය වැඩිකිමට අදාල කටයුතු, පොල් පොහොර සහනාධාර බෙදීම, දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ගේවතු වගා වැඩසටහන්වල ප්‍රගතිය ඇතුලු කරුණු ගනනාවක් මෙහිදි දිර්ඝව සාකච්ඡා කරන ලදි.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන වල ප්‍රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුකල අතර කෘෂිකර්ම කමිටුවට ලැබී ඇති ලිපි පිලිබදව සාකච්ඡා කිරීමද සිදුවිය.
මෙම කමිටු රැස්වීම සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක ජි.ඒ.ඒ. ගුරුසිංහ මහතා , ප්‍රාදේශිය ලෙකම්වරුන් සහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල රාජ්‍ය නිලධාරින්, ගොවි ජන සේවා මධ්‍යස්ථාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

















