District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Sinhala
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
තරුණ නායකයන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මනෝ සමාජීය උපදේශන වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024/02/27 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ..
Lyca Gnanam පදනම සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල මෙම වැඩසටහනට තරුණ තරුණියන් 300කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
සමාජයේ පවතින විවිධ ගැටළු වලට තරුණ නායකයින් ලෙසට තමන් වෙනස්විය යුත්තේ කෙසේද යන්න පිලිබද දේශනයක් ශ්‍රීලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමයේ සහකාර අධ්‍යක්ෂක පී.ශිවකුමාර් මහතා විසින් සිදුකල අතර තරුණ තරුණියන් ලෙස තම ජීවන ඉලක්ක සකස් කර ගනිමින් වෘත්තීයකට යොමුවීම සදහා මනස ශක්තිමත් කරගන්නා ආකාරය සහ ගැලපෙන වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගැනීම සම්බන්ධ දේශනයක් දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී රසිකා අරුන්දතී ජයසිංහ මහත්මිය විසින් සිදුකරන ලදි.
මෙම අවස්තාවට Lyca Gnanam පදනම නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර සම්බන්ධීකාරක Chaitanya මහතා, දිස්ත්‍රික් කලමණාකාර ආර්.ශ්‍රීදරන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකාරක M.N yisuf මහතා,නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිලංග මංජු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර නුවරඑළිය දිස්ත්‍රික් වනිතා කටයුතු අංශය මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.









රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමිව නුවරඑළිය සම්බෝධි විහාරස්ථානයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.03 දින සිදු කරන ලදී.
නුවරඑළිය බෞද්ධ මන්දිරයේ සිට පෙරහරින් වඩම්මවන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සුභ මොහොතින් රෝපණය කිරීම සිදුවිය.
නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් දඹගොල්ලේ සෝමානන්ද ස්වාමින් වහන්සේ නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිඔරුවේ ධීරානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝ රත්නයේ අනුශාසකත්වයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සුරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පිංකම පැවැත්විණ.
වතුකරයේ අත්‍යාවශය භාණ්ඩ බෙදා හැරිම සහ වර්තමානයේ පවතින තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා කොටගල වෙළද සංගමය සමග විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (16) දින කොටගලදි පැවැත්විනි.
මෙහිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරිම සම්බන්දව පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරිම සිදු විය.

















