District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Sinhala
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
දරුවන් සහ කාන්තාවන් ගෘහ සේවයට යොදා ගැනීමේ දී සිදුවන අකටයුතුකම් වළක්වාලීමේ අරමුණින් දේශීය ගෘහ සේවකයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවල සැකසීම වැදගත් - රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත.
දරුවන් සහ කාන්තාවන් ගෘහ සේවයට යොදා ගැනීමේ දී සිදුවන අකටයුතුකම් වළක්වාලීමේ අරමුණින් දේශීය ගෘහ සේවකයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවල සැකසීම වැදගත් බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම උදෙසා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ. දරුවන් සම්බන්ධව දෛනිකව වාර්තා වන සිදුවීම් විශ්ලේෂණය කොට අවදානම් ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා නව පරිගණක යෙදවුමක් භාවිතා කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය. ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් එම පැහැදිලි කිරීම සිදුකළ අතර ඒ හරහා දරුවන්ට වැඩි අවදානමක් ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ සඳහා විශේෂිත වැඩසටහන් සකස් කිරීමට හැකියාවක් ලැබෙන බව ඔවුහු කියා සිටියහ
අවාසනාවන්ත ලෙස මියගිය හිශාලිනී දියණියගේ මව සහ ඥාතීන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු මැති ඇමතිවරුන් හමුවු අතර එහිදි එම පවුල වෙත පෞද්ගලික මූල්‍ය පරිත්‍යාගයක් රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකල අතර මාස තුනක් ඇතුලත එම පවුලට නිවසක් ඉදිකර දීමටත් ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමටත් කටයුතු කරන බව පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍ය ගරු සි.බි රත්නායක මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු ජීවන් තොන්ඩමන් මැතිතුමා, හිටපු අමාත්‍ය ප.ම ගරු එස්. බී දිසානායක මැතිතුමා, රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ යන මහත්ම මහත්මීන්, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයට අදාල නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ක්ෂේත්‍ර නිලධාරීන් හා නුවරඑළිය දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පොලිස් ළමා හා කාන්තා අංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.




දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන්න.
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම සභාපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ
කොවිඩ් වසංගතය හමුවේ උවද රජය විසින් දියත්කර ඇති දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු මෙම වර්ෂය අවසන් වීමට පෙර සිදුකිරීමට අවශ්‍ය උපරිම උත්සහය ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම සභාපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයෙ දී අද (26) දින පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා මෙම අදහස් පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලට අදාල යෝජනා රැසක් මෙහිදි සාකච්ඡාවට බදුන් විය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම සභාපති පර්ලිමේන්තු මන්ත්‍රි එස්. බි. දිසානායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණා යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.








නුවරඑළිය නව අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙස එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය පත්වේ
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ඇතුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට පෙර එතුමිය නුවරඑළිය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ලෙස කටයුතු කලාය.





සමාජ ආරක්ෂණයේ ප්රතිලාභ ලබන ශිෂ්‍යත්ව හපනා..
ශ්‍රීලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක "ආරක්ෂාව පුර්ව විශ්‍රාම වැටුප් ක්‍රමය" යටතේ සාමාජිකත්වය ලබා සිටින හිමයා දෙව්සරණි දියණිය 2020 වර්ෂයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහල ලකුණු මට්ටමක් ලබාගැනීමට සමත්කම් දැක්වූ දියණියකි. ඒ වෙනුවෙන් ඇය වෙත හිමි රුපියල් 50000 ක සමාජ ආරක්ෂණ ප්රතිලාභ මුදල ලබාදීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා අතින් සිදුවිය.













