පුවත් සහ සිදුවීම්

වේවැල්,පිත්තල,මැටි,ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියත්මක එක ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ ජාතික වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන යටතේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ව්‍යවසායිකයින් 42 ක් සදහා රුපියල් 3,080,958 වටිනා යන්ත්‍රෝපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2022.01.21 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩි රාමේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අඹගමුව විදාතා මධ්‍යස්ථානයේ දී සිදුකෙරිණ.
මෙම අවස්ථාවට අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්,අඹගමුව ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු දේශපාලන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

272228030 235115885451742 4893322394963889123 n 272265412 235115948785069 5774050025746492742 n

272083818 235116005451730 2408911846930973231 n 272048658 235115975451733 5828738920110158890 n

271663668 235115915451739 2118146523496165205 n