පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාව එක්ව සංවිධානය කල ඩෙංගු මර්ධන වැඩසටහනක් 2023.05.26 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.
සංචාරකයින් බහුලව ගැවසෙන නුවරඑළිය නගරය අවට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතිවුවහොත් එය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බැවින් කසල විධිමත්ව බැහැර කිරීම සහ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමන් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහ ආවරණය වන පරිදි විධිමත් ආකාරයේ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර පළාත් පාලන ආයතන, වතු සමාගම් සහ ග්‍රාමීය ඩෙංගු කමිටු හරහා එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනට අතිරේක දිස්ත්‍රික් ලේකම්,නාගරික කොමසාරිස් එස්.පි.කේ බෝධිමාන්න මහත්මිය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සුරිය මහතා රාජ්‍ය ආයතන නිලධාරීන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

349103432 224557680359146 4796417006045239666 n349116213 910987696643134 6291798153773407743 n349131379 1430100731157881 3787548139852707370 n349137898 1438386200266248 3730978390076873338 n

349153232 1206233950035957 2565075993230671767 n349159523 2099390520271116 4857408223049321514 n349164288 293072159725470 6109586293390724995 n349282505 115258764908489 8035289408382252408 n349309289 980794513110102 7760045523531044182 n349314487 253381413899173 3879427082536752934 n349345606 6179266352194087 3266737538541380785 n349471066 265607316130212 3663605218606684421 n