පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ජූලි 25 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සහ ක්‍රියාවට නැංවීම පිලිබදව ප්‍රගතිය විමසා බැලීම මෙහිදී මුලිකවම සිදුවු අතර සම්බන්ධීකරණ කමිටුවට ලැබෙන ලිපි සාකච්ඡා කිරීමද සිදුවිය.
මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව විශ්වවිද්‍යාලයක් සහ කාර්මික විද්‍යාලයක් ස්ථාපනය කිරීමට අදාල සුදුසු භූමි ප්‍රදේශයක් සොයාබලන ලෙස කමිටු සම සභාපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේශ්වරන් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

363333168 596555002641160 7418569432805381803 n363285892 596554985974495 8624116159564427227 n357140692 596555132641147 5921125912489328516 n362969164 596555089307818 7161004201094172147 n363069006 596555032641157 8297926687632845900 n363347186 596555015974492 2568546805846012332 n