පුවත් සහ සිදුවීම්

වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආහාර සුරක්ෂිතතා වැඩ සටහන යටතේ සිදුවන ගෙවතු වගා වැඩසටහන් අධීක්ෂණ කිරිම ප්‍රාදේශීය ලේකම් ශාලිකා ලිදකුබුර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
ඒ අනුව නිල්දන්ඩාහින්න සහ ගොරඬියගොල්ල වසම් කේන්ද්‍ර කරගනිමින් අධීක්ෂණය කටයුතු පසු ගිය දා සිදුවිය.
මෙහිදී මුලින්ම අදාල වැඩ සටහනට සම්බන්ධවන නිලධාරීන් සමග වැඩ සටහනෙ ප්‍රගතිය පිලිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
ඉන් අනතුරුව ගෙවතු වගා නිරික්ෂණය කිරීම සිදු විය.
පැවැති ආර්ථික අර්බුදය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මග පෙන්වීම මත මෙම ගෙවතු වගා වැඩසටහන ආරම්භ කල අතර අද වන විට එය සාර්ථකව සිදු වේ.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

303350766 389156313381031 1647043728565487086 n

304184149 389156573381005 6498345746616203489 n

304615247 389156536714342 6444967427841765455 n

304836992 389156560047673 1858253314556996911 n

304849642 389156516714344 3195489011245117290 n