නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ නොවිසඳුණු ගැටළු වලට විසඳුම් ලබාදී සදහා සංවිධානය කරන ජංගම සේවා වැඩ සටහන යටතේ සංවිධානය කල තවත් ජංගම සේවාවක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
එම කොට්ඨාසයේ 2022 වර්ෂෙයහි හත් වන ජංගම සේවාව ලෙස පැවති මෙම ජංගම සේවාව පසු ගිය දා 320 C ගවරවිල, 320 Q මොකා සහ 320 M බ්‍රවුන්ස්වික් යන ග්‍රාම නිලධාරි වසම් වල ජනතාව ඉලක්ක කරගනිමින් පැවත්වෙන ලදි.
ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මියගේ මෙහෙය වීමෙන් පැවැති මෙම ජංගම සේවාවේදි
වැඩිහිටි හැදුනුම්පත් නිකුත්කිරීම ,හැදුනුම්පත් ඒකකය මගින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සාමාන්‍ය සේවාව හා එක් දින සේවාව ක්‍රියාත්මක කිරීම , උප්පැන්න සහතික නිකුත් කිරීම සදහා ලිපිගොනු සැකසීම , විවාහ ලියාපදිංචි කරදීම, පාසල් නොයන දරුවන් පාසල් ගත කිරීම , රැකියා අපේක්ෂිතයන් ලියාපදිංචි කිරීමේ හා වෘත්තීය මාර්ගෝපදේශ සේවා , ආබාධිත දරුවන් සදහා සේවා සැපයීම , උපදේශන සේවාව ,කාන්තා හා ළමා ගැටලු නිරාකරණය ඇතුලු සේවාවන් රැසක් සිදු කරන ලදි.











