
ජපන් රැකියා අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය ජපන් භාෂා පුහුණු ලබාදීමේ වැඩ සටහන පිලිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් අද (20 ) කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා කේන්ද්‍රය, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් අංශය සහ බෙන්කියෝ නිහොන්ගො ගක්කො ආයතන සමග එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශීය ලේකම් සුරංගි පෙරේරා මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.






