හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ඉඩම්පිටිය ප්‍රදේශයේ ජනතාව වෙත නොමිලයේ කෝපි පැල බෙදාදීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඉඩම්පිටිය ප්‍රදේශයේදී පැවැත්විණ.
ජපානයේ කියෝතෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට කෝපි පැල 30000ක් නොමිලයේ ලබාදීමට නියමිතය.
එය සංඛේතවත් කරමින් ඉඩම්පිටිය ප්‍රදේශයේ රෝපණය කිරීම සදහා කෝපි පැල 8000ක් සහ කෝපි බීජ 40kg සංකේතාත්මකව ලබාදී මෙහිදි සිදු විය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත නුවරඑළිය දිස්ත්‍රික් කෝපි වැටිය නැවත බලගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි. එම්. සේනානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ












