පුවත් සහ සිදුවීම්

ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාවට නංවන ළමා ආරක්ෂණය පිලිබද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනක් 2023/10/13 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.


ළමා ආරක්ෂණය පිලිබද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ජාතික,පළාත්,දිස්ත්‍රික්,ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ඵලදායී අන්තර්- ආංශික සම්බන්ධීකරණ යාන්ත්‍රණය පිහිටුවීම සහ පවත්වාගෙන යාම සම්බන්ධව මෙහිදී මූලිකවම සාකච්ඡා කෙරිණ.


ළමා ආරක්ෂාව සම්බන්ධව විශේෂ කාර්‍යන් ඉටු කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගී වූ අතර මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී නිළධාරීන්ට මතුවන තාක්ෂණික කාරණා නීතිමය ප්‍රතිපාදන සමාජීය කාරණා සහ වින්දිත දරුවන්ගේ පෞද්ගලිකවය සුරකෙන පරිදි කටයුතු කිරීම පිලිබද අවශ්‍ය දැනුම ලබාදෙන ලදි.


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ මෙම පුහුණු වැඩසටහන පැවැත්වූ අතර මෙහි සම්පත් දායකයින් ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහනට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, නුවරඑළිය දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී හරේන්ද්‍ර ජයන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

387806030 639086995054627 3751391832985420556 n387808272 639086968387963 7820813681204249350 n387808661 639086875054639 302514539796403567 n387810650 639087021721291 4679796454265569215 n387813601 639086938387966 4632043562006146036 n387814321 639086848387975 1782429113244051511 n387816256 639086915054635 8554895097287476560 n387817486 639086835054643 3728415098913522114 n387823439 639086905054636 4294393367299861510 n391461972 639087008387959 6359663356898007579 n391496698 639086821721311 873690181083915739 n391496698 639086821721311 873690181083915739 n 1