කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තෝරා ගත් ගෘහ ඒකක 500ක් සඳහා වියළි ආහාර මළු ලබාදීමේ වැඩසටහනක් 2023.11.22 දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
Chrysalis ආයතනයේ පුර්ණ අනුග්‍රහය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මිට සමගාමිව කොත්මලේ හා තිස්පනේ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප ආවරණය වන පරිදි ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ මගපෙන්වීම මත උග්‍ර පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් සිටින ගෘහ ඒකක 180 සඳහා පෝෂදායි වියළි ආහාර මළු ලබා දීමක් ද සිදු කරන ලදී.
මෙම අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශිය ලේකම් ආර්.ඒ නදීර ලක්මාල් මහතා , Chrysalis ප්‍රධාන විධායක නිලධාරි අශිකා ගුණසේන මහත්මිය, කොත්මලේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර සැලසුම් අධ්යක්ෂතුමන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය












