පුවත් සහ සිදුවීම්

ඊසාන දිග මෝසම සක්‍රියවීමත් සමගම ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයන්ට මුහුණ දීම සම්බන්ධව සාකච්ඡා කල විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.05 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.

ඉදිරි මෝසම් තත්ත්වය සමග ඇතිවිය හැකි ආපදා තත්වයන්ට ආයතන වශයෙන් පෙර සුදානම් කරවීම, ආයතන සජීවිකරණය සහ සම්බන්ධීකරණය තහවුරු කිරීම,නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතිවිය හැකි ආපදා තත්වයන් පිලිබදව දැනුවත් කිරීම මෙහිදී මුලිකව සිදුවිය. සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්තුමන්ලා තුමියන්ලා ,නුවරඑළිය දිස්ත්‍රික් සහකාර ආපදා අධ්‍යක්ෂතුමා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

05f43b20 3bf9 4829 9ee1 47dd80f1791365ecb9f3 000c 47ab 8a2f 088a7cd864e388278507 17db 40ad abed 85f65ceed3cfe2bf91d3 edcb 4c30 b27e 97cd45e0b8fce5d29119 ff3d 4210 a5a0 de9b2d0051cf