නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ කලා කුසලතා ඔප්නන්වනු වස් කාර්යාලීය සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද මහා කලා මංගල්‍යය පසුගිය දා අති උත්කර්ෂවත් ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ආශ්චාර්ය ශාලාවේදි පැවැත්විනි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සියළු අංශ සහ සියළු සේවාවන්ට අයත් නිලධාරින් තම දක්ෂතා ඉදිරිපත් කරමින් සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම සිදුකෙරිණ.


















