පුවත් සහ සිදුවීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයක් ස්ථාපනය කර විවෘත කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) දින උදෑසන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පස්වෙනි මහලේදී සිදු කෙරිණ.


පිටරට ගෘහ සේවිකා ඇතුළු විදේශ රැකියා විශාල ප්‍රමාණයක් සඳහා පිටත් වීමට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇති ඉහළ ප්‍රතිශතය හා උනන්දුව සැලකිල්ලට ගනිමින් නුවරඑළිය දිස්ත්‍රිකය කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමෙන් අවශ්‍ය කටයුතු නිම කර ගැනීමට හැකි පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව ශාඛාවක් පිහිටවීමට කටයුතු කර තිබිණ ,


මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජනාධිපති ජේෂ්ඨ උපදේශක වඩිවේල් සුරේෂ්, අමාත්‍යංශයේ වැඩබලන ලේකම් ලාල් සමරසේකර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සමාන්‍යාධිකාරි අනුර ලියන්වල යන මහත්වරුන්, නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන අධිකාරියේ සමාජිකන් , විදෙස් ගත ශ්‍රමිකය්න්ගේ පවුල් සාමාජිකයන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
නුවරඑළිය.

 

416256662 686564806973512 3151120148556758385 n416263368 686564730306853 8121147869639598253 n416266905 686564673640192 7440114019542673409 n416269084 686564783640181 8625692088207246536 n416302836 686564756973517 6323861455095502237 n416303332 686564856973507 8804129390650245951 n416330883 686564610306865 7257580965438676423 n416385074 686564636973529 6035472964517143694 n416385074 686564636973529 6035472964517143694 n 1418149029 686564833640176 3054953932292085236 n418242447 686564886973504 4090882951628099214 n418439294 686564700306856 2308353229863673752 n