නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2024 ජුලි 16 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙහිදී දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගති සමාලෝචනයක් සිදු කෙරුණු අතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට කැඳවන රාජ්‍ය ආයතනවල ප්‍රගතිය විමසා බැලීම සහ එම ආයතන වල ගැටළු වලට පිළියම් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණ . කමිටුවට ලැබී තිබු ලිපි සම්බන්ධයෙන්ද සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාවට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් රමේෂ්වරන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය



















