නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ USAID- SCORE ව්‍යාපෘතිය මගින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කරන ලද ළමා සහ කාන්තා උපදේශණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම සදහා USAID ආයතනයේ ආසියානු සහකාර පරිපාලක Michel Schiffer සහ මෙහෙයුම් අධ්යක්ෂ Gabrielle Grau මහතා ඇතුළු පිරිසක් අද නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පුර්ණ මගපෙන්වීම මත දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී රසිකා ජයසිංහ මහත්මිය විසින් USAID- Score ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති 3 ක් මේ වනවිට ක්‍රියාත්මක කරන අතර මෙම ළමා සහ කාන්තා උපදේශන මධ්‍යස්ථානය ඉන් එකකි.
මෙම උපදේශන මධ්‍යස්ථානයේ කටයුතු සම්බන්ධයෙන් පුර්ණ දැනුවත් කිරීමක් ශ්‍රීලංකා පවුල් සෞඛ්‍ය සංවිධානය සංගමයේ සහකාර අධ්යක්ෂ පී ශිවකුමාර් මහතා විසින් මෙහිදී සිදු කෙරිණ. අනතුරුව නුවරඑළිය විශාකා කාන්තා සංවිධානය සහ පැමිණ සිටි USAID ආයතනයේ නිලධාරීන් අතර සාකච්චාවක් ද පැවැත්විණ. විශාකා සංවිධනය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපස පවත්වාගෙන යන වෙළද සලට අවශ්‍ය භාණ්ඩ ප්රධානයක්ද සිදුකෙරිණ. එම භාණ්ඩ වල සම්පුර්ණ වටිනා කම රුපියල් ලක්ෂ 17 කට ආසන්නය.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය





















