පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ලෙස පත්වු ශාලිකා ලිඳකුඹුර මහත්මිය පසුගිය (26) දා සිය තනතුරේ රාජකාරි ආරම්භ කිරිම සිදු කලෙය.


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම වැඩ ආරම්භ කිරීමේ අවස්ථාව මහ සංඝරත්නයේ ආශිර්වාද මාධ්‍යයේ සිදු කිරිම විශේෂිතය.


නව තනතුර ට පත් ශාලිකා ලිඳකුඹුර මහත්මිය 2012 වර්ෂයේ ශ්‍රි ලංකා පරිපාලන සේවය ට එක්වු අතර මධ්‍ය පලාත් සහකාර ඉඩම් කොමසාරිස්, නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම්, වලපනේ ප්‍රාදේශීය ලේකම් සහ නුවරඑළිය
සමෘද්ධි අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ.


නුවරඑළිය හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ලෙස කටයුතු කල එච්.කේ.එම්.ඩි.කේ. කවිසේකර මහත්මිය නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) ලෙස වැඩ බාරගනිමෙන් පුරප්පාඩු වු මෙම තනතුර සඳහ ශාලිකා ලිඳකුඹුර මහත්මිය පත්කර තිබේ.


මෙම අවස්ථාව ට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) එච්.කේ.එම්.ඩි.කේ කවිසේකර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටිහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ,නුවරඑළිය

 

461337717 846709964292328 5967129096945956537 n

461268437 846710034292321 5689093497609095202 n

461326565 846710094292315 7691881724661460967 n

461326707 846710150958976 6010287082435057867 n

461467513 846710197625638 2588423161128390924 n