Clean Sri Lanka ජාතික වැඩසටහන නුවරඑළිය දිස්ත්රික්කය තුළ ක්රියාත්මක කරන ආකාරය, එහි සන්දර්භය හා ඉලක්කයන් පිළිබඳ නුවරඑළිය දිස්ත්රික් රාජ්ය ආයතන ප්රධානීන් ඇතුළු පිරිසක් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (10) දින දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ආශ්චර්ය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්රික් ලේකම්/දිසාපති නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
මිනිස් ජීවිතයට නිවැරදි වටිනාකම ලබාදීම, පරිසරය සුවපත් කිරීම, ආදර්ශ ලබාදීම, මග පෙන්වීම හා යහපත් ලෙස වෙනස්වීමේ අවශ්යතාවය තහවුරු කිරීම තුළින් පුද්ගල ජීවන රටාවන් යහපත් වෙනසකට ලක්කිරීම, ප්රමිතිකරණය, යහපත් පුරුදු ඇති කිරීම, ජීවන තත්ත්වයන් උසස් කිරීම වැනි විවිධ අංශ ඔස්සේ සමාජ, ආර්ථික, ආචාර ධර්ම පද්ධතීන් තුළ දීර්ඝ කාලීන යහපත් වෙනස්කම් සිදු කිරීම clean Sri Lanka වැඩසටහන මගින් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් , දිනිකා කවිසේකර මහත්මිය, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් ) ශාලිකා ලිදකුබුර මහත්මිය ඇතුළු උසස් රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.
දිස්ත්රික් මාධ්ය ඒකකය,
නුවරඑළිය











