District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Sinhala
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
හගුරන්කෙත ක්ෂේත්‍ර ගතව සේවයේ නියුතු සියළු රාජ්‍ය නිලධාරීන් හට කොවිඩ් මර්ධන එන්නත්
හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියළුම රජ්‍යය ආයතනයන්හී අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත ක්ෂේත්‍ර නිලධාරීන් හට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනක් අද (10) දින හගුරන්කෙත ප්‍රදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී පැවැත්විණි.
මෙම එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අකාරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්විය
ප්‍රාදේශීය ලේකම්ක අයි.එම්.සේනානායක මහතාගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැති මෙම එන්නත් කරණ වැඩ සටහන අධීක්ෂණය කිරීම සදහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩි.එස්.සරත්චන්ද්‍ර මහතා ද එක් විය.



නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල සෙසු පිරිස් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද (09) පෙරවරුවේ දී නුවරඑළිය දිසාපති/දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ දී ආරම්භ කෙරිණි.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මෙහි දී සඳහන් කළේ සයිනොෆාම් එන්නත් 50000 ක් මුල් අදියරේ දි දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහනට ලබා දී ඇති බවයි. ඉන්, එන්නත්කරණ වැඩපිළිවෙල ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාවට නැන්වීම සඳහා සක්‍රියව දායකත්වය දක්වන ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්, අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල නිලධාරින් සහ පොලිස් නිලධාරින් හට මුල් අධියර යටතේ එන්නත් ලබාදීමට සැළසුම් කර ඇති බවය.
දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කලේ අද දිනය තුල නුවරඑළිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ නිලධාරින් 3000 කට එන්නත් ලබාදීම සිදුකරණ බවත් හෙට දිනයේ වලපනේ, අඹගමු, කොත්මලේ සහ හගුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල අත්‍යාවශ්‍ය සේවාවල නිරත නිලධාරින්ට එන්නත ලාබා දිමෙන් අනතුරු අනිද්දා එනම් ලබන 11 වන දින සිට තෝරාගත් ග්‍රාම නිලධාරි වසම්වල වයස අවුරුදු 60 වැඩි පිරිස්වෙත ලබාදිමට නියමිත බවය.










නුවරඑළිය කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට

නුවරඑළිය දිස්ත්‍රික්කයට ලැබුණු කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම හෙට (2021.06.09) සිට ආරම්භ කරන බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයට එන්නත් 50000 ලැබි ඇති අතර ඉන්, එන්නත්කරණ වැඩපිළිවෙල ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාවට නැන්වීම සඳහා සක්‍රියව දායකත්වය දක්වන ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින් සහ පොලිස් නිලධාරින් හට මුල් අධියර යටතේ එන්නත් ලබාදීමට නියමිතය.
ඉන් අනතුරුව වැඩිම කොවිඩ් අවදානමක් ඇති ග්‍රාම නිලධාරි වසම්වල වයස අවුරුදු 60 ට වැඩි පිරිස් සදහා එන්නත ලබාදීමට සැළසුම්කර ඇත.
කොවිඩ් එන්නත ලබාදීමේ ආරම්භක අවස්ථාව හෙට උදැසන නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ දි පැවැත්විමට නියමිත අතර එහි දි නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එන්නත්කරණ වැඩපිළිවෙල ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාවට නැන්වීම සඳහා සක්‍රියව දායකත්වය දක්වන ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ට සහ පොලිස් නිලධාරින්ට ලබාදීමට නියමිත බව වාර්තා වේ.
නුවරඑළියේ කොවිඩ් එන්නත් කරනයට අදාලව සංවිධාන කටයුතු සහ ජනතාව සුදානම් කිරීමට වැඩ පිළිවලක් කඩිනමින් සකසන්න - දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වැලැක්වීම සඳහා වු එන්නත් කරනය සඳහා සංවිධාන කටයුතු සහ ජනතාව සුදානම් කිරීමට අදාලව වැඩ පිළිවලක් කඩිනමින් සකසන ලෙස දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අදාල අංශවෙත උපදෙස් ලබාදි තිබෙනවා.
ඊයේ (01) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැති කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීම වැලැක්වීමේ දිස්ත්‍රික් කමිටුවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ ඉදිරියේදි නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එන්නත් ලැබිමට නියමිත බවත්, එම එන්නත් ලබාදීම සඳහා ප්‍රදේශ තොරාගැනීම සඳහා රජය විසින් ලබාදි ඇති නිර්ණායකයන්ට අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සැකසිම කළ යුතු බවත්ය.
දිස්ත්‍රික් ලේකම් වරයා තවදුරටත් සඳහන් කලේ මෙවැනි වැඩපිළිවලක් සැකසීම තුලින් එන්නත්කරනයෙදි ඇතිවන තදබදය අවම කරගත හැකි බවත්, ජනතාවට වන අපහසුව වලක්වාගත හැකි බවත්ය.
මෙහිදි අදහස් දැක්වු ප්‍රාදේශිය වසන්ගත රෝග වේදඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා සඳහන් කලේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 491 ක වයස අවුරුදු 30 ට වැඩි ජනගහනය 384081 ක් බවට හදුනාගන ඇති බවත්, මෙම පිරිසට මුලින්ම එන්නත් කරනය සිදුකරිමට බලාපොරොත්තු වන බවත්ය. මේ සඳහා එන්නත්කරන කණ්ඩායම් 50 ක්, යෙදවිමට අපේක්ෂා කරන බවත්, මෙම කටයුතු සංවිධානය සඳහා ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි ඇතුළු නිලධාරින්ගේ සහය වසම් මට්ටමින් ලබාගැනිමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා තව දුරටත් සඳහන් කලේ ප්‍රමුඛතාවය මත තොරාගන්නා ප්‍රදේශවල තොරාගන්න පුද්ගලයින් ලියාපදිංචිකිරීමට අදාල තෙරතුරු එක් රැස් කිරීමේ කටයුතු එන්නත්කරන වැඩසටහනට කලින් සිදුකිරීමට නියමිත බවය.
.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මණතුංග, අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු උසස් පොලිස් නිළධාරින් අතුළු පිරිසක් සහභාගි වුහ.













