District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Tamil
அரசு சேவை மையங்கள்
තලවකැලේට නව පශූ වෛද්‍ය රසායනාගාරයක්
මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ඔක්ස්ෆාම් පෞද්ගලික ආයතනයේ සහයෝගීතාවයෙන් රුපියල් මිලියන 4.5ක වියදමින් ඉදිකරන ලද තලවකැලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද පශූ වෛද්‍ය රසායනාගාරය ජන අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) සිදුවිය.
තලවකැලේ කිරි ගව පාලනය, වඩා කාර්යක්ෂම අයුරින් සිදුකිරීම සදහා මෙම නව රසායනාගාරය භාවිතා කිරීමට නියමිතව ඇති අතර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රීක් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ආ.ර් ඒ ජේ යූ මාරපන මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ලංකාවේ කිරි නිෂ්පාදනයට ඉහලම දායකත්වයක් දරන නුවරඑලිය දිස්ත්‍රික්කය තුල දිනකට කිරි ලීටර දෙලක්ෂ දස දහසක ප්‍රමාණයක කිරි අස්වැන්නක් ලැබෙන බවත්, ගොවීන්ගේ දැනුම වැඩිකිරීම , පහසුකම් වර්ධනය කොට එමගින් කිරි නිෂ්පාදනය වැඩි කිරීම සදහා කටයුතු කළ යුතු බවත්, එළදෙනුන් සදහා ආහාර හා පෝෂක සුලබ කිරීමත්, ජංගම රෝග විනිශ්චය සායනවල අවශ්‍යතාව, රෝගී සතුන් සදහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සැපයීම වැනි කරුණු අවධානය කොට ඇති බවත් මෙම ක්ෂේත්රය ප්‍රවර්ධනය වෙනුවෙන් ඔක්ස්ෆාම් ආයතනයෙන් ලද සහාය අගය කරන බවත්ය.
මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුල රට තුල කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සම්බන්ධයෙන් සහ ඒ ඔස්සේ දේශීය ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් වන අවශ්‍යතාවය හදුනාගෙන ඇති බවත්, එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා නන් අයුරින් සහාය වු සියලු දෙනාට තමාගේ ස්තූතිය පළ කර සිටින බවත් ය. නව රසායනාගාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම මහතා සදහන් කර සිටියේ යුරෝපා ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගිතාවය යටතේ ඔක්ස්ෆාම් ආයතනය මගින් මධ්‍යම පළාතේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා ලබා දෙනු ලබන සහාය අගය කර සිටින බවත් නව රසායානාගාරය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම අයුරින් සත්ත්ව පාලන කටයුතු සිදුකිරීම සදහා අවකාශ සැලසෙන බවයි.
විදේශයන්ගෙන් අප රටට පැමිණි නොයෙක් අකාරයේ වස - විස හෝ ගුණත්වයෙන් තොර ආහාර පරිභෝජනයෙන් මිදි නැවත පෙර පැවති ආහාර රටාවට අනුගතව රසායනිකයන් එක් කොට සකස් කරනු ලබන ආහාර වෙනුවට දේශීය ආහාර ආදේශ කළ යුතු කාලය එළඹ ඇති බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියයේය.
මෙම අවස්ථාව සදහා ලිදුල ප්‍රාදේශීය සභාවේ සභාපති (වැ. බ) භාරතී දාසන් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී එස්.බී.රත්නායක,පළාත් කෘෂිකර්ම ලේකම් සුජාතා විජේසිංහ, ඔක්ස්ෆාම් ආයතනයේ තිලක් කරුණාරත්න ඇතුළු එම ආයතනයේ සමාජිකයින් ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.


තලවකැලේ නව උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ තලවකැලේ නව උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන කටයුතු සදහා විවෘත කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තලවකැලේ නගරයේ දී සිදුකෙරිණ .
කොටගල,තලවකැලේ,වටගොඩ,ලිඳුල,ඩයගම, ආගරපතන,බෝපත්තලාව, යන ප්‍රදේශවල ජනතාවට තම අවශ්‍යතා සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීමේදී විවිධ දුෂ්කරතාවයන් රාශියකට මුහුණ පෑමට සිදුවිය. එම ගැටළුවලට විසඳුමක් වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා සීමා නිර්ණය කමිටුවේ නිර්දේශයන්ට අනුව තලවකැලේ ප්‍රදේශයේ මෙම උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවන ලදී.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කාර්යාලයේ කටයුතු සිදුකිරීමට නියමිත අතර තලවකැලේ නගරයේ ධර්මලිංගම් ශාලාවේ උඩුමහලේ මෙය ස්ථාපනය කර ඇත.
විවෘත කිරීමේ උත්සවයට සදහා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා , නුවරඑළීය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා , හැටන් දික්ඔය නගර සභාවේ සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබඩ මහතා , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක් ව සිටියහ.




"ඔප්පුව ගෙදරටම" ජාතික වැඩසටහන නුවරඑළියට
"සෞභාග්‍යයේ ඉදිරි දැක්ම" ජාතික ප්‍රතිපත්තිය බලගන්වමින් ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ආරම්භ කල "ඔප්පුව ගෙදරටම" ජාතික වැඩසටහනේ තවත් එක් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙම වැඩසටහනේ දී ප්‍රතිලාභීන් 150 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ප්‍රධානය කල අතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රතිලාභීන් වෙත ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිතය.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සහ වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී රත්නායක මහතා සහභාගි වූ අතර ඉඩම් අමාත්‍යාංශ ලේකම්තුමා, ඉඩම් කොමසාරිස් ජනරාල්තුමා,නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්තුමා, පලාත් ඉඩම් කොමසාරිස්තුමා, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්තුමා,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විධායක අධ්යක්ෂතුමා ඇතුළු මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.








ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නුවරඑළියේ පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ.
ළමා වෙළදාම හදුනාගැනීම, වාර්තා කිරීම සහ විමර්ශනය කිරීම සදහා පුහුණු විෂය මාලාව,ඉගැනුම් කාර්ය සංග්‍රහය සහ මෙවලම් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පොලිස් හා ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාත්මක කරයි. එම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2021.12.20 වනදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
මෙම වැඩසටහනට නුවරඑළිය දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පොලිස් නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වූ අතර මෙහි සම්පත් දායකයින් ලෙස නුවරඑළිය දිස්ත්‍රි මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සංජය වීරසේකර මහතා ,දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී එච්.ජී හරේන්ද්‍ර ජයන්ත මහතා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂක නිලධාරීනී ඩී.එම්.සංජිවනි මහත්මිය සහභාගී වුහ.
























