District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Tamil
அரசு சேவை மையங்கள்
නුවරඑළියේ එළවළු අඛණ්ඩව රට පුරා බෙදා හැරීමේ වැඩ පිලිවෙලක්
පවත්නා කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ රටේ නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුනද නුවරඑළිය ගොවි ජනතාවගේ නිෂ්පාදන බාදාවකින් තොරව රට පුරා බෙදාහැරීම සඳහා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මගින් වැඩපිළිවෙලක් සකසා ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
ඒ අනුව ඊයේ (24) දිනය තුළ උඩරට එළවළු කිලෝ එක්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම සිදුකර ඇති බවත්, අදත් එවැනීම ප්‍රමාණයක් බෙදාහාරීමට හැකිවනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කලේ ඉදිරියෙ දි ද ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා රජය දෙන උපදෙස්වලට අනුව කටයුතු කරමින් අඛණ්ඩව එළවළු බෙදාහැරීම සිදු කිරීමට කටයුතු කරන බවය.

නුවරඑළියේ ජීවනෝපාය අහිමි සහ අඩු ආදායම්ලාභී පවුල් 73821 කට 2000 දීමනාව ලබා දීම ආරම්භ කළා
පවත්නා කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ රටේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආදායම් මාර්ග අහිමි වූ සහ අඩු ආදායම්ලාභී පවුල් 73821 ක් සඳහා රුපියල් 2000ක දීමනාව ලබාදීම සිදුකිරීම ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අද (25) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කලේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය, හගුරන්කෙත, වලපනේ, කොත්මලේ සහ අඹලමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ග්‍රාමිය කමිටු මගින් මෙම පිරිස තොරාගන ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 140 ක මුදලක් රජය විසින් වෙන්කර ඇති බවත්ය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කඩිනමින් මෙම මුදල් බෙදිම සඳහා වසම් භාර රාජ්‍ය නිධාරින් හට උපදෙස් ලබා දි ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය

නුවරඑළියේ නගර වැසීම සිදු කරන්නනේනම් ප්‍රදේශයේ ප්‍රදේශිය ලේකම්, පළාත් පාලන ආයතනය දැනුවත් කර ජන ජිවිතය බාධාවකින් තොරව පවත්වාගන යාම සඳහා වැඩපිළිවෙලක් සැකසීම අනිවාර්යයි.
පවතින වසංගත තත්වය මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගර වැසීම සිදු කරන්නනේනම් ඒ් පිළිබඳව බල ප්‍රදේශයේ ප්‍රදේශිය ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතනය දැනුවත් කර ජන ජිවිතය බාධාවකින් තොරව පවත්වාගන යාම සඳහා වැඩපිළිවෙලක් සැකසීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
යම් නගරයක් වසන්නට පෙර ප්‍රදේශයේ තොග වෙළදාම අඛණ්ඩව පවත්වාගන යාම සහ ජනතාවගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ජංගම රථවලින් අලෙවි කිරීමට අදාල වැඩපිළිවෙලක් සැකසීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් අද (19) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් පැවසීය.
එක් නගරයක් වසා ඇති අවස්ථාවක තවත් නගරයක් විවෘතව පැවතිමේදි විවෘතව පවතින නගරය වෙත වැඩි ජනතාවක් පැමිණිම පවතින වසංගත තත්වය වර්ධනය කිරීමටද හේතු විය හැකි බවද දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදි පෙන්වා දුන්නේය.
නුවරඑළිය දිස්ත්‍රික් "කෝපි අපනයන සැකසුම් ගම්මාන" වැඩසටහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ
"රටට ගලා එන විදේශ විනිමය වැඩිකිරීමට අපනයන සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි". එතුමන් මේ අදහස් පල කලේ නුවරඑළිය දිස්ත්‍රික් "කෝපි අපනයන සැකසුම් ගම්මාන" වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් වෙළඳ අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රීලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ කෝපි අපනයන සැකසුම් ගම්මාන පිහිටුවීමේ සමාරම්භක වැඩසටහන 2021 ජුලි මස 30 වන දින වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
කෝපි නිෂ්පාදනය සදහා වැඩි විභවතාවයක් පවතින දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අපනයන වෙළඳපල සදහා සුදුසු නියමිත ප්‍රමිතීන්ට අනුකුල කොපි නිෂ්පාදනය ගම්මාන පිහිටුවීම මෙහි මුලික අරමුණයි.
නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම "කෝපි අපනයන සැකසුම් ගම්මාන" වැඩසටහන තුල මුළු ප්‍රතිලාභීන් 1787කි. මේ යටතේ තෝරාගත් පවුල් සදහා ලක් පැරකුම් ප්‍රභේදයේ කෝපි පැල 495000ක් බෙදා දීමට නියමිතය. මෙම ගොවි පවුල් සමිති 16 වටා ඒකරාශී කර ඇත.ඒ අනුව 2025 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 10ක අපේක්ෂිත අදායමක් ලබාගැනීම මෙහි අරමුණයි
ශ්‍රීලංකාවේ අපනයන භාණ්ඩ විවිධාංගිකරණය, වෙළඳපල විවිධාංගිකරණය, අපනයන නවීකරණය යන කරුණු ත්‍රිත්වය යටතේ කෝපි නිෂ්පාදන අපනයන ගම්මාන වැඩපිළිවෙල තුලින් හැකියාව ලැබන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ලක් පැරකුම් කෝපි ප්‍රභේදය ජනතාව වෙත නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇති බවත් වසර 7 ක කාලයක් තුල සරුසාර අස්වැන්නක් ලබාගැනීමට මෙම ප්‍රභේදයෙන් හැකියාව පවතින බවත් අමාත්‍ය වරයා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව සෑම ග්‍රාමසේවා වසමක්ම ඉලක්ක්ක කරගෙන කෝපි අපනයනයට නිෂ්පාදන ගම්මාන 300ක් ආරම්භ කිරීමට සම්පුර්ණ ව්‍යාපෘති වාර්තාවක් කැඳවීමට තමන් සුදානම් බවත්, එතුලින් නුවරඑළිය දිස්ත්‍රික්කය විශාල අදායම උපදවන, සේවා නියුක්ති කරන අවස්ථාවන් ජනිත කරන, ජනතාවගේ ජීවන තත්වය උසස් කරන, රටට විදේශ විනිමය උපදවන ප්‍රබල දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට හැකියාව ඇති බව එතුමා පවසයි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය j.m සෙනවිරත්න මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, ඇතුළු දේශපාලන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය
























