District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Tamil
அரசு சேவை மையங்கள்
වටවල ගංවතුර ගැටළුවට විසදුම්
වටවල ගංවතුර ගැටළුවට විසදුම් සෙවිම සඳහා වු විශේෂ නිරික්ෂණ චාරිකාවක් සහ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (28) දින පැවැත්වීණී.
වර්ෂා කල වලදි මහවැලි ගංගාව පිටාර ගැලිම හේතුවෙන්, වටවල ඥානානන්ද ගම ඇතුළු ප්‍රදේශවල ජනතාව පිඩාවට පත්වන අතර දේපල සහ වගාවන්ට හානි සිදුවීම සෑම වර්ෂයකම දක්නට ලැබේ.
මෙම ගැටළුවට තිරසාර විසදුමක් ලබාදීම වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් අදාල සියළු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශයේ නිරික්ෂණය කිරීම සිදුවිය. මෙම ප්‍රදේශයට පහලින් ඉදිකර ඇති කුඩා ජල විදුලිබලාගාරයට ජලය ගෙනයාම සඳහා ඉදිකර ඇති බැම්මද මෙහිදි නිරික්ෂණයට ලක්වීය.
ඉන් අතුරුව වටවල ප්‍රදේශයෙ දි අදාල සාකච්ඡාව පැවැත්වු අතර මෙම ගං වතුර පාලනය සඳහා අදාල අංශ මගින් යෝජනා මෙහිදි ඉදිරිපත් කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට අඹගමුව ප්‍රාදේශීය සභා සභාපති ජයසංඛ පෙරේරා, අඹගමුව වැඩ බලන ප්‍රාදේශිය ලේකම් ශාලිකා ලිඳකුඹුර යන මහත්ම මහත්මින් සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ඉඩම් පරිහරන සැළසුම් අංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ඇතුළු ආයතනවල නිලධාරින් සහභාගි වුහ.

නුවරඑළිය දිස්ත්‍රික්කයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙන්න - දිස්ත්‍රික් ලේකම්ගෙන් කෘෂි නිලධාරීන්ට උපදෙස්
නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ඉදිරි වගා කන්නයන්ට අවශ්‍ය කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා දිස්ත්‍රික්කයේ කෘෂි නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශ්‍රවණාගාරයේ 2021.10.12 පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින්
දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කර සිටියේ සමස්ත දිස්ත්‍රික්කයේ වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර අවශ්‍යතාවය සහ දිස්ත්‍රික්කය තුල නිෂ්පාදනය කළහැකි ප්‍රමාණයන් පිලිබදව වහාම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දැනුවත් කරන ලෙසයි.
කාබනික පොහොර නිෂ්පාදනය පිලිබදව ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත්, ප්‍රාදේශීය මට්ටමින් කාබනික වගා ආදර්ශ සිදුකර එතුලින් ගොවි මහත්ම මහත්මීන් වෙත අවශ්‍ය මගපෙන්වීම් සිදුකරන ලෙසත් මෙහිදී ලේකම්වරයා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්,ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී විය.
-දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය





Saraswathi Pooja at District Secretariat
Saraswathi pooja at District Secretariat, celebrated simply with following COVID-19 guidelines on 15th October 2021.
























