District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Tamil
அரசு சேவை மையங்கள்
නෝර්වුඩ් සමෘද්ධි බැංකුවෙන් ස්වයං රැකියාවල නියුතු තරුණ තරුණියන්ට ආධාර
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ ඇති නෝර්වුඩ් සමෘද්ධි බැංකුව මඟින් සංවිධානය කරන සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ස්වයං රැකියා වල නියුතු තරුණ තරුණියන් වෙත අවශ්‍ය උපකරණ සහ මහන මැෂින් ප්රදානය කිරීම රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.


නුවරඑළියේ නැවුම් එලවළු අග නගරයේ අඩු මිලට ලබාදෙන "සහන්එළිය" ව්‍යාපෘතිය ඇරඹේ.
නුවරඑළියේ නැවුම් එලවළු කොළඹ දි අඩු මිලට ලබා දෙන "සහන්එළිය" නියමු ව්‍යාපෘතිය අද (11) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්/දිසාපති නන්දන ගලබඩ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි
මෙහි මුල් අදියර යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි කාර්ය මණ්ඩල වෙත අඩු මිලට නුවරඑළිය නැවුම් එලවළු ලබා දීම සිදු කෙරේ.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධිකරණයෙන් මෙම නැවුම් එලවුළු ලබා දීමේ "සහන්එළිය" නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.







හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 ) දින හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ දි සාර්ථකව පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්‍රාදේශීය ලේකම් සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි දෙවන සමුළුව හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙදි මෙලෙස පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ ප්‍රාදේශීය ලේකම්වරැ මෙම සමුළුවට සහභාගි වු අතර හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන පරික්ෂාවට ලක් කිරීම ද මෙහිදි සිදු විය.
මෙයට සමගාමිව හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ හමුවක් ද දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඩිජිටල් ආර්ථිකයක් සඳහා වු වැඩසටහන හදුන්වා දීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන්
ඩිජිටල් ආර්ථිකයක් සඳහා වු වැඩසටහන හදුන්වා දීමේ සම්මන්ත්‍රණයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ දි පැවැත්විණි.
ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මගින් මෙහෙය වු මෙම වැඩසටහන සූම් තාක්ෂණය ඔස්සේ සංවිධානය කර තිබිම විාශ්ෂිතයි.
2024 වර්ෂය වන විට හදුන්වා දීමට සැළසුම් කර ඇති මෙම ඩිජිටල් ආර්ථිකයක් සඳහා වැඩ සටහන අවශ්‍ය තොරතුරු ලබගැනීම සහ එය හදුන්වා දීම මෙහිදි සිදුවිය.
ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නිලධාරින් සහ අන්තර්ජාල සැපයුම් ආයතන නියෝජිතයින් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ද වු අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල මණ්ඩලික නිලධාරින්, ප්‍රාෙද්ශීය ලේකම්වරු, සහ තොරාගත් නිලධාරින් පිරිසක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි මෙම වැඩ සටහනට එක් විය.

























