District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Tamil
அரசு சேவை மையங்கள்
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නව සහකාර දිස්ත්‍රික් ලේකම්වරයෙක්..
නුවරඑළිය නව සහකාර දිස්ත්‍රික් ලේකම් (වැඩබලන) ලෙස පත්වූ ලහිරු කලුකම්පිටිය මහතා සිය ධුරයේ රාජකාරි වැඩ ආරම්භ කිරීම 2023.03.29 දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුවිය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යා උපාධිය ලබා ඇති එතුමා ශ්‍රීලංකා පරිපාලන සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරියෙකි. මිට පෙර වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුර හෙබවූ කළුගම්පිටිය මහතා දැනට නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් වරයා ලෙසද කටයුතු කරයි.
මෙම රාජකාරි වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.


නුවරඑළිය වසන්ත සැණකෙළිය 2023 ඇරඹේ....
සෑම වසරකම අප්‍රේල් මාසය පුරා
නුවරඑළිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වසන්ත සැණකෙළිය 2023 මෙවරත් උත්සවාකාරයෙන් අද (01) දින ආරම්භ විය.
නුවරඑළිය මහා නගර සභා නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ.බෝධිමාන්න මහත්මියගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, හා නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබොඩ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීම විශේෂිතයි.
පාසල් ළමුන්, ත්‍රිවිද හමුදාව හා පොලිසිය ඉදිරිපත් කළ තූර්ය වාදක සංදර්ශණ මගින් මෙම උත්සවය විචිත්‍රවත් කෙරිණි.
මෙම අවස්ථාවට හිටපු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.







උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය 2023 - නුවරඑළිය
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම යටතේ මිනිස්බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක නුවරඑළිය දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් සංවිධානය කල "උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය" නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2023-04-04 දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.
මෙම අධ්‍යාපන ප්‍රදර්ශනයේදී උසස් අධ්‍යාපන පාඨමාලා අවස්ථා,-විදෙස් උසස් අධ්‍යාපන අවස්ථා , -උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව, -උසස් අධ්‍යාපන ණය පහසුකම් ,වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් සම්බන්ධයෙන් සිසු සිසුවියන්ට අවබෝධය ලබාදීම හා ඒවාට යොමු කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීතුමිය ඇතුළු පිරිසක් සහභාගී වූහ







"ජනතා සේවයේ දී කඹ අදින්න එපා. රාජ්‍ය නිලධාරීන් ලෙස රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න." ජනපති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී කියයි
* නුවරඑළිය ජනතාවගේ ඉඩම් ප්‍රශ්නවලට පෙබරවාරි 04ට පෙර විසඳුම්
* ලෝකාන්තය නැරඹීමට පට්ටිපොළ - බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක්
ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
තමා වෙත ඉදිරිපත් කළ ජනතා ගැටලුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට පැමිණීම අවශ්‍ය නොවන බවත් පැවසූ අතර රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බවත් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කරන ලද වාර්තාවක් පෙබරවාරි 04 වනදාට පෙර තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බව ද පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර "ලෝකාන්තය" නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ - බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
"නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදිය යුතුයි. මේ දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩම් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වැවිලි අමාත්‍යාංශය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වාර්තාවක් සකස් කර මාසයක් තුළ එම වාර්තාව මා වෙත ලැබීමට සලස්වන්න"
"වැවිලි සමාගම්වලට ලබාදී තිබෙන සියලු ඉඩම් බලපත්‍ර අහෝසි කර ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීම පියවර ගන්නවා. මෙම කටයුතු පෙබරවාරි 04 වනදාට පෙර අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. "
ඒ වගේම වතු ආශ්‍රිතව පිහිටා තිබෙන සෞඛ්‍ය මධ්‍යස්ථාන සඳහා පහසුකම් ලබාදිය යුතුයි. රාජ්‍ය නිලධාරීන් මට්ටමින් විසඳිය හැකි ප්‍රශ්න පළමුව විසඳිය යුතුයි. ඊළග දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට මාසයකට පෙර මේ දිස්ත්‍රික්කයේ තිබෙන ගැටලු පිළිබඳ වාර්තාවක් සකස් කළ යුතුයි. නිලධාරීන් එම සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී විය යුත්තේ වාර්තාවේ ඇති ගැටලු සදහා ලබාදිය හැකි විසඳුම් සමඟයි. නැත්නම් මට ජනාධිපතිවරයා විදියට මෙතැනට ඇවිත් කරන්න වෙන්නේ රාජ්‍ය නිළදාරීන් විසඳිය යුතු ප්‍රශ්න විසඳීමටයි.
රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබ කිසියම් කරුණක් සම්බන්ධයෙන් ජනතාවට නඩු පැවරීම, ප්‍රශ්න විසඳීමක් ලෙස මෙතැනදී ප්‍රකාශ කරන්න එපා. ජනතාවටත් පරිසරයටත් හානි වන කිසි දෙයක් රාජ්‍ය නිලධාරීන් විසින් නොකළ යුතුයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්රය නඟාසිටුවීමට විශේෂ වැඩසටහන් අවශ්‍යයි. නමුත් පරිසර හානියක් සිදුවන අයුරින් ඒ කිසිවක් නොකළ යුතුයි. හෝර්ටන් තැන්න කියන්නෙ ලංකාවේ තිබෙන ඉහළම ස්ථානයයි. ඒ නිසා එයට හානි වන අයුරින් කිසිවක් කරන්න බැහැ.හෝර්ටන් තැන්න ආරක්ෂා කිරීමට අපි අලුත් නීතියක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ - බොරලන්ද අතර කේබල් කාර් සේවාවක් ආරම්භ කිරීමටත් පියවර ගන්නවා.
අද මෙතැනදි කතා කළ ප්‍රශ්නවලින් 50%ක් පමණ නිලධාරී මට්ටමින් විසඳුම් ලබාදිය හැකි ප්‍රශ්න. නමුත් රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබ කටයුතු කරන්නේ යුක්රේනය සහ රුසියාව යුද්ධ කරනවා වගේ. මේ පොඩි ගැටලු ගැන කථා කරන්න ජනාධිපතිවරයෙක් නෙවෙයි ඇමතිවරයෙක්වත් මුදල් වියදම් කරගෙන කොළඹ සිට පැමිණීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් කඹ අදින්නේ නැතිව තමන්ට පැවරිලා තිබෙන වගකීම් නිසි ලෙස ඉටුකිරීම අවශ්‍ය වෙනවා."
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, සී.බී රත්නායක, පලනී දිගම්බරම්, ජීවන් තොණ්ඩමන්, වී. රාධක්‍රිෂ්ණන් , උදය කුමර්, එම්. රාමේෂ්වරන්, නිමල් පියතිස්ස, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


























