District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Tamil
அரசு சேவை மையங்கள்
වලපනේ “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” තුනක් ඇරබේ.

ග්‍රාමිය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය හදුන්වා දුන් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” වැඩසටහනින් උපරීම ප්‍රයෝජන ගැනීමට නම් ව්‍යාපාරිකයින් ලෙස නෙව අගය ඒකතුකල නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින් ලෙස ඔබ සැම පත්විය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
දිවයින පුරා ගම්මාන 500 ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමිව වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මුල් වටයේ තොරාගත් ගම්මාන තුනක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන්ට ඊයේ (07) දින එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පැවසීය.
ඒ අනුව වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්කඩ පතන, මයිලගස් තැන්න සහ ගලබඩ යන ග්‍රාමසේවා වසම් වල “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” වැඩසට ආරම්භ කිරීම සිදුවිය.
ගල්කඩ පතන ග්‍රාමසේවා වසම සඳහා කොපි, ඇන්තුරියම් මල් සහ කුකුළු පාලන ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3.8 ක් ද, මයිලගස් තැන්න ග්‍රාමසේවා වසම සඳහා වැසි ජල ටැංකි 20 ක් සමග අඹ සහ කොමාරිකා වගා ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2.7 ක් සහ ගලබඩ ග්‍රාමසේවා වසමේ කොපි වගා ව්‍යාපෘතියක් ක්‍රියාවට නැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 4.9 ක් ද වන ලෙස රජය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇත.
මෙම අවස්ථාවන් සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් එස්.බි. රත්නායක, වලපනේ ප්‍රාදේශිය ලේකම් ආර්.ඒ්. විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.



නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරේ
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ පලමු මාත්‍රාව ලබාගත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල සෙසු පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලබාදීම අද (08) දින පෙරවරුවේ නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ දී ආරම්භ කෙරිණි.
නුවරඑළිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්, අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල නිලධාරින් සහ පොලිස් නිලධාරින් ඇතුළු නිලධාරින් 3000 ට මුල් අධියර යටතේ පසුගිය මස 09 වන දා පලමු එන්නත මෙම ස්ථානයෙදිම ලබාදීම සිදුවිය. එම නිලධාරින් සියල්ලටම අද දින දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම සිදුවිය.
හෙට දිනයෙ සිට වලපනේ, අඹගමු, කොත්මලේ සහ හගුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පළමු එන්නත ලබාදුන් අත්‍යාවශ්‍ය සේවාවල නිරත නිලධාරින්ටත්, තෝරාගත් ග්‍රාම නිලධාරි වසම්වල වයස අවුරුදු 60 වැඩි පිරිස්වෙතත් දෙවන එන්නත ලාබා දීමට සැළසුම් කර ඇත.
Saubagya Production Cluster village - Mandaramnuwara Zone
Inauguration function of Saubagya Production cluster village on 2nd of July 2021 at Hanguranketha, Mandaramnuwara zone.








කොත්මලේ ක්ෂේත්‍ර ගතව සේවයේ නියුතු සියළු රාජ්‍ය නිලධාරීන් හට කොවිඩ් මර්ධන එන්නත්
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියළුම රජ්‍යය ආයතනයන්හී අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත ක්ෂේත්‍ර නිලධාරීන් හට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනක් අද (10) දින කොත්මලේ ප්‍රදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්ක සුරංගි පෙරේරා මහත්මියගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැති මෙම එන්නත් කරණ වැඩ සටහන යටතේ රාජ්‍ය නිලධාරීන් දහසකට ආසන්න සංඛ්‍යාවකට එන්නත් ලබාදීම සිදුකර තිබේ.
























